ශ්‍රී ලංකාව කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

විශ්මි ගුණරත්න ලකුණු 45 (පන්දු 44) ක් ලබා ගත් අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24 (27) කට දැවී ගියා. චමරි අතපත්තු ලකුණු 21 (21) යි. නිලක්ෂිකා සිල්වා ලකුණු 18 ක් ද, කවීෂා දිල්හාරි ලකුණු 17 ක් ද, හසිනි පෙරේරා ලකුණු 15 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Vaishnave Mahesh හා Esha Oza කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134 ක් පමණයි.

නායිකා Esha Oza පන්දු 44 කින් ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් වුණා. ඇයගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්දිකා කුමාරි හා උදේෂිකා ප්‍රබෝධනී කඩුල්ල බැගින් බිද හෙලූ අතර, චමරි අතපත්තු කඩුලු දෙකක් බිද හෙලුවා.

මේ අතර, පළමු අවසන් පූර්ව තරගයේ දී අයර්ලන්තය කඩුලු අටකින් පරාජයට පත් කරමින් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක් සදහා සුදුසුකම් ලබා ගැනීම ද කැපී පෙනුණා.

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා හී දී හා සිල්හෙට්හී දි පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...