ලකුණු 98 ක දැවැන්ත ජයක් සමග කොල්කටා පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

සුනිල් නරේන් පිත්තෙන් යළි දැක් වූ සුවිශේෂී දක්ෂතා හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 54 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 98ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(5) සමත් වුණා.

මෙම ජයත් සමග රාජස්ථාන් අභිබවා කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.

ලක්නව්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 235 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 36 ක් රැස් කළ අතර, කේ එල් රාහුල් ලකුණු 25 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී හර්ෂිත් රානා හා වරුන් චක්‍රවර්තී කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, අන්ඩ්‍රි රසල් කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරේන් පන්දු 39 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 81 ක්. හයේ පහර 7ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3 ක් දවා ගත්තා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...