රිෂාද්, ටස්කින් හා හ්රිදෝයි බංග්ලාදේශයට ජය ගෙනෙයි

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(5) සමත් වුණා.

Chattogram හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තව්හිද් හ්රිදෝයි පන්දු 25 කින් නොදැවී ලකුණු 37 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 26 (16) යි. ලිටොන් දාස් ලකුණු 23 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ලුක් ජොන්ග්වේ ලකුණු 35 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7ක් දැවී සිටියදීයි ලකුණු 138 ක් ලබා ගනිමින් පන්දුවාර 20 අවසන් කළේ.

සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් සිය මංගල විස්සයි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ජොනතන් කැම්ප්බෙල් පන්දු 24 කින් ලකුණු 45 ක් රැස් කළා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තේ පන්දු 29 කින්.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් හා රිෂාද් හොසේන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...