චන්දිමාල් සහ තිසර මේජර් නිලයට පත් කළ අයුරු

Date:

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරාට සහ දිනේෂ් චන්දිමාල්ට මේජර් නිලයේ ලාංඡනයන් යුද්ධ හමුදාධිපතිවරයා විසින් අද(9) පළඳවනු ලැබුවා.

ඒ, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදීයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අනුයුක්තව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපල වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන් දෙපලගේ ඉදිරි අනාගතය සඳහා සිය සුබපැතුම් ද යුද්ධ හමුදාපතිවරයා පිරිනැමුවා.

මේ වනවිට මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් ද මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය නියෝජනය කරමින් ද යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙත සිය දායකත්වය ලබාදෙනවා.

ලාංඡන පැළදවීමට අදාළ දර්ශන සහ ඡායාරූප පහතින් –

army
army
army
army
army

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...