මහනුවර පරදා NSL සිව්දින ශූරතාවය ගාල්ලට

Date:

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගාලු කණ්ඩායම ඊයේ(3) සමත් වුණා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් මහනුවර පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින්.

පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 316 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 304 ක් පමණයි. ගාලු ඉනිම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ලකුණු 111 ක් රැස් කළා.

කෙසේ වෙතත්, මහනුවර දෙවැනි ඉනිම ලකුණු 163 කට සීමා කිරීමට ගාලු පන්දු යවන්නන් සමත් වුණේ තරගය ජය ගැනීම සදහා ගාලු කණ්ඩායමට ලකුණු 176 ක පහසු ඉලක්කයක් හිමි කර දෙමින්. පන්දු යැවීමේ දී නිශාන් පීරිස් ලකුණු 42 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ගාලු කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේ දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 77 ක් රැස් කළ අතර, ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 56 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...