ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටය අපරාජිතව අවසන් කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, තරගාවලියේ 19 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම පරදා ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 123 ක් ලබා නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

Disha Dhingra ලකුණු 28 ක් හා Sindhu Sriharsha ලකුණු 27 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 14 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්මි ගුණරත්න හා හන්සිමා කරුණාරත්න (නොදැවී) ලකුණු 25 බැගින් ලබා ගත්තා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23 ක් රැස් කළ අතර, නිලක්ෂිකා සිල්වා ලකුණු 21 කට දැවී ගියා.

මීට පෙර මූලික වටයේ පැවැති තරගවලින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ තායිලන්තය, ස්කොට්ලන්තය හා උගන්ඩාව යන රටවල් පරාජයට පත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගනිමින් මූලික වටය අවසන් කළ අතර, කිසිදු තරගයක් පරාජයට පත් නොවූ අයර්ලන්තය B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත්තා.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 5 වැනිදා පැවැත්වීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරගයේ දී අයර්ලන්ත කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිවත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිවත් තරග වැදීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරගය රාත්‍රී 9ට ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...