තුෂාරගේ, බුම්රාගේ අගනා පන්දු යැවීම අපතේ යයි – වසර 12 කට පසු මුම්බායිහී දී KKR ජය ගනියි

Date:

නුවන් තුෂාරගේ හා ජස්ප්‍රිට් බුම්රාගේ අගනා පන්දු යැවීම හා සූර්යකුමාර් යාදව්ගේ අර්ධ ශතකය අපතේ යවමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 24 ක පරාජයක් අත්විදීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(3) සිදු වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි. මෙය වන්කඩේ ක්‍රීඩාංගනයේ දී කොල්කටා කණ්ඩායම වසර 12 කට පසුව ජය ගත් පළමු තරගය වීම කැපී පෙනෙනවා.

මුම්බායි පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සූර්යකුමාර් යාදව් පන්දු 35 කින් ලකුණු 56 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්. ටිම් ඩේවිඩ් ලකුණු 24(20) කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත් අතර, වරුන් චක්‍රවර්තී, සුනිල් නරේන් හා අන්ඩ්‍රි රසල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වෙන්කටේෂ් අයියර් ලකුණු 70 ක් රැස් කළේ පන්දු 52 කින්. හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මනීෂ් පාන්ඩේ ලකුණු 42 (31) ක් රැස් කළා.

කොල්කටා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 57 ක් තුළ දැවී ගිය අතර, පළමු කඩුලු තුනම දවා ගත්තේ නුවන් තුෂාර විසින්. ඔහු මෙම තරගයේ දී ලකුණු 42 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...