ජයිස්වාල්-පරාග්ගේ සටන්කාමී ප්‍රහාරය අපතේ යයි – අවසන් පන්දුවේ දී සන්රයියස් ජය ගනියි

Date:

යශස්වි ජයිස්වාල්ගේ හා රියාන් පරාග්ගේ සටන්කාමී පිතිහරඹය අපතේ යවමින් බුවනේෂ්වර් කුමාර්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම බ්‍රහස්පතින්දා රාත්‍රියේ (2) සමත් වුණා.

හයිදරාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.

බුවනේෂ්වර් කුමාර් යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට රාජස්ථාන් පිලට ලකුණු 13 ක් අවශ්‍ය වූ අතර, අවසන් පන්දුවේ දී අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 2ක්. කෙසේ වෙතත්, රොව්මන් පවෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යාමත් සමග සන්රයිසස් පිලට තියුණු ජයක් හිමි වුණා.

ඉනිමේ පළමු කඩුලු දෙක ලෙස ජොස් බට්ලර් හා සංජු සැම්සන් පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ද බුවනේෂ්වර් කුමාර් සමත් වුණා.

කෙසේ වෙතත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් යශස්වි ජයිස්වාල් හා රියාන් පරාග් ලකුණු 134 (78) ක අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා මගක් සකස් කර දුන්නා. ජයිස්වාල් ලකුණු 67(40) කටත්, පරාග් ලකුණු 77(49) කටත් දැවී යාමත් සමග යළි තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙක අතරේම දෝලනය වුණා.

අවසන් පන්දු 18 තුළ දී තරගය ජය ගැනීමට ලකුණු 27 ක් පමණක් අවශ්‍ය වූ නමුත්, එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීමට සන්රයිසස් පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත් අතර, පැට් කමින්ස් හා ටී නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරබාද් ඉනිම වෙනුවෙන් නිටිෂ් කුමාර් පන්දු 42 කින් නොදැවී ලකුණු 76 ක් රැස් කළේ හයේ පහර 8ක් හා හතරේ පහර 3ක් සමගින්. ට්‍රැවිස් හෙඩ් ලකුණු 58(44) ක් රැස් කළ අතර, හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 42(19) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ ද අවේශ් ඛාන් ලකුණු 39 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

අවසන් පන්දුවේ දර්ශන –

සංජු සැම්සන් දැවී ගිය අයුරු –

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...