‘අනෙක් රටවල නායකයින් අහගෙන ඉන්න නිසා මම ඒ ගැන දැන් කියන්නේ නෑ’ : රෝහිත් ෂර්මා

Date:

ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ජූනි පළමු වැනිදා සිට පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කෙරුණු ඉන්දීය සංචිතයට ප්‍රධාන දග පන්දු යවන්නන් සිව්දෙනෙකු නම් කිරීමට හේතුව මේ මොහොතේ අනාවරණය කළ නොහැකි බව නායක රෝහිත් ෂර්මා පවසනවා.

නම් කෙරුණු ඉන්දීය සංචිතය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මුම්බායි නුවර දී මාධ්‍ය හමුවක් පැවැති අතර, එහිදී නායක රෝහිත් ෂර්මා හා තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් ඉන්දීය සංචිතය සම්බන්ධයෙන් කරුණු රැසක් පැහැදිලි කළා.

කෙසේ වෙතත්, සෙසු රටවල නායකයින් සිය ප්‍රකාශ පිළිබද අවධානයෙන් පසුවන බැවින් ඉන්දීය සංචිතයට ප්‍රධාන දග පන්දු යවන්නන් සිව්දෙනෙකු නම් කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් සිදු කළ නොහැකි බවයි ෂර්මා සදහන් කළේ.

“මට ඒ ගැන වැඩිය විස්තර කියන්න අවශ්‍ය නැහැ, මට විශ්වාසයි අනෙක් රටවල නායකයින් මේක අහගෙන ඉන්නවා කියලා.” යනුවෙන් ඉන්දීය නායකයා ප්‍රකාශ කළා.

“මට අනිවාර්යයෙන්ම දඟ පන්දු යවන්නන් හතර දෙනෙක් අවශ්‍ය වුණා. අපි එහේ ගොඩක් ක්‍රිකට් ගහලා තියෙනවා. අපි දන්නවා තත්ත්වයන් මොන වගේද කියලා. උදේ 10 ට 10:30 ට තරග ආරම්භ වන නිසා, මෙයට යම් තාක්ෂණික කරුණක් හේතු වුණා.

“මම කොදෙව් දූපත්හී දී කරන පළමු මාධ්‍ය හමුවේ දී මේ ගැන වැඩි විස්තර කියන්නම්, මම ඒ ගැන දැන් විස්තර කියන්නේ නැහැ. නමුත් මම එහිදී අනිවාර්යයෙන්ම කියන්නම් ඒකට හේතුව මොකක්ද කියලා”

ඉන්දීය සංචිතයට විශේෂඥ දග පන්දු යවන්නන් ලෙස යුස්වේන්ද්‍ර චෙහල් හා කුල්දීප් යාදව් නම් කර ඇති අතර, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස රවීන්ද්‍ර ජඩේජා හා අක්සාර් පටෙල් සංචිතයට ඇතුළත්.

ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුණු ඉන්දීය සංචිතයට ඇතුළත්ව ඇත්තේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු පමණයි. එනම් අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිට් බුම්රා හා මොහමඩ් සිරාජ්. හර්ඩික් පාන්ඩ්යා මෙන්ම ශිවම් ඩූබේ තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

මේ අතර, විරාත් කෝලිගේ ප්‍රහාරාත්මක වේගය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තමන්ට නොමැති බව තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

කෝලිගේ අත්දැකීම් විස්සයි 20 සංචිතයට ඉතා වැදගත් බවයි සභාපතිවරයා සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...