ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති 14 වැනි තරගයෙන් උගන්ඩාව පරදා ලකුණු 67 ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කිරීමත් සමගයි.

අබුඩාබි හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73 ක් රැස් කළේ පන්දු 64 කින්. හයේ පහර දෙකක් හා හතරේ පහර 7ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

හසිනි පෙරේරා ලකුණු 30 ක් රැස් කළ අතර, චමරි අතපත්තු ලකුණු 24 කට දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.

Prosscovia Alako ලකුණු 36 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර, ශශිනි ගිම්හානි හා කවීෂා දිල්හාරි කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර, මූලික වටය යටතේ ඔවුන් ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන 3 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...