පතිරණ නැතිදා චෙන්නායි පරදියි – පංජාබ් පිලට කඩුලු හතක ජයක්

Date:

හර්ප්‍රීට් බ්‍රාර් හා රාහුල් චහාර් පන්දු යැවීමෙන් දැක් වූ දක්ෂතා හා ජොනී බෙයාර්ස්ටව්ගේ හා රයිලි රොසෝව්ගේ අනර්ඝ පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිල පන්දුවාර 17.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජොනී බෙයාර්ස්ටව් පන්දු 30 කින් ලකුණු 46 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින්. රයිලි රොසෝව් පන්දු 23 කින් ලකුණු 43 ක් ලබා ගත්තා.

ශශාන්ක් සිං නොදැවී ලකුණු 25 ක් හා සෑම් කරන් නොදැවී ලකුණු 26 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර්, රිචර්ඩ් ග්ලීසන් හා ශිවම් ඩූබේ කඩුල්ල බැගින් බිද හෙලුවා. මෙම තරගය සදහා ආබාධයක් හේතුවෙන් මතීෂ පතිරණ ක්‍රීඩා කළේ නැහැ.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායක රුටුරාජ් ගයික්වඩ් පන්දු 48 කින් ලකුණු 62 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්. අජින්කෙයා රහානේ ලකුණු 29 කටත්, සමීර් රිස්වි ලකුණු 21 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී හර්ප්‍රීට් බ්‍රාර් ලකුණු 17 කට කඩුලු 2 ක් හා රාහුල් චහාර් ලකුණු 16 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...