T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක කාලයක් පමණයි.

මේ වන විට තරගාවලියට ක්‍රීඩා කරන රටවල් රැසක් සිය සංචිත නිවේදනය කර ඇති අතර, ශ්‍රී ලංකාව ද අද (9) දිනයේ දී ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිය සංචිතය නිවේදනය කළා.

ලෝක කුසලාන තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 20 කාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේ දී තරග වැදීමට නියමිතයි. එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව අයත් වන්නේ D කාණ්ඩයටයි.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –

  • A කාණ්ඩය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඇමරිකාව
  • B කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය
  • C කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ඝනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව් ගිනියාව
  • D කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය

මූලික වටයේ තරගවලින් පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා. සුපිරි 8 වටයේ තරගවලින් පසුව අවසන් පූර්ව වටයේ තරග හා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇමරිකාවේ ක්‍රීඩාංගන තුනකදී ද, කොදෙව් දූපත් හි ක්‍රීඩාංගන හයකදී ද තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ ඇමරිකාව සහ කැනඩාව අතරයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟය මෙරට වේලාවෙන් ජූනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක් හීදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා තරග කාලසටහන – (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

  • Sri Lanka v South Africa, New York – 3 June 2024, 8:00 PM
  • Sri Lanka v Bangladesh, Dallas – 8 June 2024, 6:00 AM
  • Sri Lanka v Nepal, Florida – 12 June 2024, 5:00 AM
  • Sri Lanka v Netherlands, St. Lucia – 17 June 2024, 6:00 AM

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...