T20 World Cup 2024 : සංජු හා ඩූබේ සමග ඉන්දීය සංචිතය නම් කෙරේ

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නිවේදනය කර තිබෙනවා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. සංචිතයේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ හර්ඩික් පාන්ඩ්යා.

සංචිතය සදහා යුස්වේන්ද්‍ර චෙහල්, ශිවම් ඩූබේ නම් කර තිබීම විශේෂත්වයක්. සංජු සැම්සන් ද ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

දරුණු රිය අනතුරකට ලක්ව වසකටත් වැඩි කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිට, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යළි ක්‍රිකට් පිටියට පිවිසි රිෂාබ් පාන්ට් ද සංචිතයට ඇතුළත්.

කේ එල් රාහුල්ට මෙම සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ. යශස්වි ජයිස්වාල් සංචිතයට නම් කර ඇති අතර, දග පන්දු යවන්නන් ලෙස යුස්වේන්ද්‍ර චෙහල් සමග රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් සංචිතයට නම් කර තිබෙනවා.

ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු පමණක් මෙම සංචිතයට ඇතුළත්. එනම්, අර්ෂ්දීප් සිං, ජස්ප්‍රිට් බුම්රා හා මොහමඩ් සිරාජ් යන ක්‍රීඩකයින්.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ජූනි 5 වැනිදා නිව් යෝර්ක් හීදී අයර්ලන්තයට එරෙහිවයි.

Squad:

Rohit Sharma (C), Hardik Pandya (VC), Yashasvi Jaiswal, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant (WK), Sanju Samson (WK), Shivam Dube, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Yuzvendra Chahal, Arshdeep Singh, Jasprit Bumrah, Mohd. Siraj.

Reserve players: Shubman Gill, Rinku Singh, Khaleel Ahmed, Avesh Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...