දෙවැනි තරගයෙනුත් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කරමින්. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විසින් තායිලන්ත කණ්ඩායම ද පරදා ලකුණු 67 ක ජයක් වාර්තා කළා.

අබුඩාබි හි Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 94 ක් පමණයි.

Lorna Jack ලකුණු 24 ක් හා Kathryn Bryce ලකුණු 22 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 11 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායිකා චමරි අතපත්තු පන්දු 35 කින් නොදැවී ලකුණු 59 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 10 ක් සමගින්. විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24 යි.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...