මැක්ගර්ක්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ මුම්බායි පරදා දිල්ලියට ලකුණු 10 ක ජයක්

Date:

ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්ගේ වේගවත් පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 247 ක් පමණයි.

තිලක් වර්මා හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින් පන්දු 32 කින් ලකුණු 63 ක් ලබා ගත් නමුත්, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට හැකි වූයේ නැහැ.

නායක හර්ඩික් පාන්ඩ්යා පන්දු 24 කින් ලකුණු 46 ක් ලබා ගත් අතර, ටිම් ඩේවිඩ් පන්දු 17 කින් ලකුණු 37 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් හා රාසික් සලාම් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ෆ්‍රේසර්-මැක්ගර්ක් ලකුණු 84 ක් රැස් කළේ පන්දු 27 ක් පමණක් වැය කරමින්. හයේ පහර 6ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 25 කින් නොදැවී ලකුණු 48 ක් ලබා ගත් අතර, අභිෂේක් පොරෙල් ලකුණු 36 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ලුක් වුඩ්, ජස්ප්‍රිට් බුම්රා, පියුෂ් චවුලා හා මොහමඩ් නබී කඩුල්ල බැගින් බිද හෙලුවා. නුවන් තුෂාර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 56 ක් රැස් කළ නමුත්, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ. ඉනිමේ අවසන් පන්දුවාරය ද තුෂාර විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දී ට්‍රිස්ටන් ස්ටබ්ස් විසින් ලබා දුන් උඩ පන්දුවක් නෙහාල් වදේරා අතින් ගිලිහී ගියේ නුවන් තුෂාරට සිය මංගල අයි.පී.එල් කඩුල්ල අහිමි කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...