ජොනීගේ ශතකය හමුවේ චමීරගේ KKR පරදියි – පංජාබ් පිලෙන් ලෝක වාර්තාගත හඹා යාමක්

Date:

දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් දිනා ගත් තරගයේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ නයිට් රයිඩර්ස් කණ්ඩායමට කඩුලු අටක අමිහිරි පරාජයක් අත්කර ගැනීමට අද(26) සිදු වුණා.

කොල්කටා හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 262 ක දැවැන්ත ඉලක්කයක් පංජාබ් පිලට හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 18.4 කදී කඩුලු දෙකක් දැවී පසු කර යමින්, කණ්ඩායමක් විස්සයි 20 තරග ඉතිහාසයේ දී සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බිද දැමීමට සමත් වුණා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම හයේ පහර 42 ක් වාර්තා වූ අතර, එය ද නව ලෝක වාර්තාවක් බවට පත් වුණේ විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටව් පන්දු 48 කින් නොදැවී ලකුණු 108 ක් රැස් කළේ හයේ පහර 9 ක් හා හතරේ පහර 8ක් සමගින්.

ශශාන්ක් සිං පන්දු 28 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 68 ක්. හයේ පහර 8 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

බෙයාර්ස්ටව් සමග ඉනිම ආරම්භ කළ ප්‍රබ්සිම්රන් සිං හයේ පහර 5ක් හා හතරේ පහර 4 ක් සමගින් පන්දු 20 කින් ලකුණු 54 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර හයකදී ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 93 ක්.

පන්දු යැවීමේ දී සුනිල් නරේන් ලකුණු 24 කට කඩුල්ලක් දවා ගත්තා. දුෂ්මන්ත චමීර පන්දුවාර 3ක් පමණක් යොමු කළ අතර, එහිදී ලකුණු 48 ක් ප්‍රතිවාදීන් විසින් රැස් කළා.

කාසියේ වාසිය දිනූ පංජාබ් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 261 ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

පිල් සෝල්ට් ලකුණු 75(37)ක්, සුනිල් නරේන් ලකුණු 71(32) ක් ලබා ගනිමින් නයිට් රයිඩර්ස් කණ්ඩායමට අනර්ඝ ආරම්භයක් ලබා දුන්නා. පළමු කඩුල්ලට පන්දුවාර 10.2 ක් තුළ ඔවුන් දෙදෙනා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 138 ක්.

වෙන්කටේෂ් අයියර් ලකුණු 39ක්, ෂ්රෙයස් අයියර් ලකුණු 28 ක් හා අන්ඩ්‍රි රසල් ලකුණු 24 ක් රැස් කළා. පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 45 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...