රොබින්සන්ගේ හා ඕරෝක්ගේ දක්ෂතා නවසීලන්තයට තියුණු ජයක් ගෙනෙයි

Date:

ටිම් රොබින්සන්ගේ අර්ධ ශතකය හා විලියම් ඕරෝක්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ පාකිස්තානය සමග පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලාහෝර්හි පැවැති තරගයෙන් නවසීලන්තය ලැබූ මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ද නවසීලන්තය සමත් වීම කැපී පෙනෙනවා.

නවසීලන්ත කණ්ඩායම මෙම තරග සංචාරයට එක්වන්නේ අයි.පී.එල් හා ආබාධ වැනි විවිධ හේතු නිසා ප්‍රධාන ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණ නොමැතිවයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 178 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 174 ක් පමණයි.

ටිම් රොබින්සන් ලකුණු 51 ක් පන්දු 36 කින් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්. ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට් ලකුණු 34 කටත්, ටොම් බ්ලන්ඩල් ලකුණු 28කටත්, නායක මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අබ්බාස් අෆ්රිඩි කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 20 ක් ලබා දෙමින්.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෆකාර් සමාන්. ඔහු පන්දු 45 කින් ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමගින්.

පන්දු යැවීමේ දී විලියම් ඕරෝක් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා. බෙන් සියර්ස් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 27 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...