“අපි යන්නේ නෑ දුප්පත් රටවලට ලීග් ගහන්න” ග්‍රිල්ක්‍රිස්ට් ඉදිරියේ ශේවාග්ගෙන් සැර ප්‍රකාශයක්

Date:

ප්‍රමාණවත් මුදලක් ගෙවීමට විදෙස් ප්‍රිමියර් ලීග් සංවිධායකයින්ට නොහැකි බැවින් ඉන්දීය ක්‍රීඩකයින් විදෙස් ලීග් තරගාවලි සදහා ඉදිරියේ දී ද ක්‍රීඩා නොකරනු ඇති ඉන්දීය හිටපු පිතිකරුවෙකු වන විරේන්ද්‍ර ශෙවාග් පවසනවා.

තමා ක්‍රීඩා කරන කාලයේ දී ද තමන්ට ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් යෝජනාවක් ලද නමුත්, සංවිධායකයින් විසින් තමන්ට ලබා දීමට උත්සාහ කළ මුදල ප්‍රමාණවත් නොවූ බැවින් තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවයි ශෙවාග් සදහන් කළේ.

ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරුවෙකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් සමග පැවැති “Club Prairie Fire” නම් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

ඉන්දීය ක්‍රීඩකයින් ඉදිරියේ දී විදෙස් ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කරනු දැක ගත හැකි වනු ඇත්දැයි මෙම සාකච්ඡාවේ දී ශෙවාග්ගෙන් ප්‍රශ්න කෙරුණා.

“නෑ, ඇයි? අවශ්‍ය නෑ. අපි පොහොසත් මිනිස්සු, අපි දුප්පත් රටවලට යන්නේ නැහැ.(සිනහවෙමින්)” යනුවෙන් විරේන්ද්‍ර ශෙවාග් පවසා සිටියා.

“මට තාම මතකයි මම ඉන්දීය කණ්ඩායමෙන් විශ්‍රාම යනකොට,… විශ්‍රාම ගෙන සිටියේ නැහැ නමුත් මාව කණ්ඩායමෙන් ඉවත් කරලා තියෙන කොට මම අයි.පී.එල් ක්‍රීඩා කරමින් සිටියදී මට යෝජනාවක් ආවා බිග් බෑෂ් තරගාවලිය ක්‍රීඩා කරන්න. මම කිව්වා හොදයි කොපමණ මුදලක් ඔබ යෝජනා කරනවා ද කියලා. එයාලා කිව්වා ඩොලර් 100,000 ක් (වත්මන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 296 ක් පමණ) කියලා.

“මම කිව්වා මට පුලුවන් එතරම් මුදලක් වියදම් කරන්න මගේ නිවාඩු දවස්වලට, … ඇත්තටම ඊයේ රාත්‍රියේ බිල් පතත් ඩොලර් 100,000 කට වැඩියි.” )(දර්ශන පහතින්)

“බිග් බෑෂ් හෝ හන්ඩ්‍රඩ් මාසයක් ක්‍රීඩා කරලා ඔබට ලැබෙන්නේ ඩොලර් 100,000 ක්, සමහර විට ඩොලර් 200,000 ක් පමණයි. ඔබ මිලියන ගණනක් ගැන කතා කරනවානම්, ඔව්, මම කැමතියි. එසේ නොමැති නම් නැහැ”

මේ අතර, තමන්ට බ්‍රිතාන්‍යයේ Sky Sports මාධ්‍ය ආයතනයෙන් ඔවුන්ගේ විස්තර විචාරක කමිටුවට තමන්ව ඇතුළත් කර ගැනීම සදහා යෝජනාවක් ලද නමුත්, තමන් එය ද ප්‍රමාණවත් මුදලක් ලබා දීමට අපොහොසත් වීම නිසා ප්‍රතික්ෂේප කළ බව ශෙවාග් සදහන් කළා.

“මම කිව්වා ඔබට බෑ මාව මිලදී ගන්න කියලා. නමුත් ඔවුන් කිව්වා කරුණාකර අපිට ඔබේ මුදල කියන්න කියලා. ඊට පස්සේ මම කිව්වා හොදයි දිනකට පවුම් 10,000 ක් (වත්මන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 37 ක් පමණ) කියලා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...