ලකුණු බින්දුවකට කඩුලු 7ක් දවා ගනිමින් රොහ්මාලියාගෙන් නව ලෝක වාර්තාවක්

Date:

ඉන්දුනීසියානු දග පන්දු යවන ක්‍රීඩිකාවක වන 17 හැවිරිදි Rohmalia Rohmalia නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, කාන්තා විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ක්‍රීඩිකාවක් ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වමින්.

බාලි හී දී මොන්ගෝලියාව සමග පැවැති පස්වැනි විස්සයි 20 තරගයේ දී ඇය ලකුණු බින්දුවකට කඩුලු 7 ක් දවා ගනිමින් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබෙනවා.

ඇය පන්දුවාර 3.2 ක් යොමු කරමින් එම කඩුලු 7 දවා ගත්තේ නිලකුණු පන්දුවාර 3 ක් පිට පිට යොමු කරමින්.

මෙම තරගය Rohmalia Rohmalia ක්‍රීඩා කළ සිය මංගල ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

ඇයට පෙර කාන්තා විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කර තිබුණේ නෙදර්ලන්තයේ Frederique Overdijk විසින්. ඇය විසින් 2021 වසරේ දී ප්‍රංශයට එරෙහිව ලකුණු 3 කට කඩුලු 7 ක් දවා ගෙන තිබුණා.

Rohmalia Rohmalia ඉතිහාසගත වුණේ විස්සයි 20 ජාත්‍යන්තර කාන්තා තරගයකදී කඩුලු 7ක් දවා ගත් ලොව තෙවැනි ක්‍රීඩිකාව ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...