ප්‍රබල SRH පරදා RCB සිය පරාජ රැල්ලට තිත තබයි

Date:

රාජත් පටිදර් පන්දු 20 කින් ලබා ගත් ලකුණු 50 හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ප්‍රබල සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම බ්‍රහස්පතින්දා (25) රාත්‍රියේ සමත් වුණා.

මෙම ජයග්‍රහනයට පෙර බැංගලූරු කණ්ඩායම අඛණ්ඩව තරග 6ක් පරාජයට පත්ව තිබූ අතර, ඔවුන් මෙවර තරගාවලියේ දී ලැබූ දෙවැනි ජයග්‍රහනය වන්නේ මෙම තරග ජයග්‍රහනයයි.

හයිදරාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල කඩුලු 7 ක් දැවී ලකුණු 206 ක් ලබා නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171 ක් පමණයි.

ප්‍රහාරාත්මක පිතිකරුවන් ලෙස නම් දැරූ ට්‍රැවිස් හෙඩ් එක් ලකුණකටත්, ඒඩ්න් මාක්‍රම් හා හෙන්රික් ක්ලාසන් ලකුණු 7 බැගින් ලබා සිටියදීත් දැවී යාම මෙම තරගයෙන් SRH කණ්ඩායම පරාජයට පත්වීමට බලපෑවා.

ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 13 කින් ලකුණු 31 ක් ලබා ගත් අතර, ශහ්බාස් අහ්මඩ් පන්දු 37 කින් නොදැවී ලකුණු 40 ක් ලබා ගැනීමට සමත් වුණා. නායක පැට් කමින්ස් ලකුණු 31(15) යි.

පන්දු යැවීමේ දී ස්වප්නිල් සිං, කර්න් ෂර්මා හා කැමරන් ග්‍රීන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල වෙනුවෙන් පටිදර් රැස් කළ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුළත් වුණා. මන්දගාමී අර්ධ ශතකයක් වාර්තා කළ විරාත් කෝලි පන්දු 43 කින් ලකුණු 51 ක් රැස් කළා. කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 37 ක් ලබා ගත්තේ පන්දු 20 කින්. කෝලි සමගින් ඉනිම ඇරඹූ නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජයිදේව් උනඩ්කට් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටී නටරාජන් ලකුණු 39 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...