තායිලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, තායිලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හි Tolerance Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තායිලන්තයට පන්දුවාර 16.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 55 ක් පමණයි.

තායිලන්තය වෙනුවෙන් ලකුණු 10 සීමාව පසු කළේ Nannapat Koncharoenkai පමණයි. ඇය ලකුණු 18 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14 කට කඩුලු 3 ක් දවා ගත් අතර, උදේශිකා ප්‍රබෝදනී ලකුණු 10 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා හා නිලක්ෂිකා සිල්වා (නොදැවී) ලකුණු 29 බැගින් රැස් කළා.

චමරි අතපත්තු ලකුණු 16 කට දුවද්දී දැවී ගිය අතර, විශ්මි ගුණරත්න හා අනුෂ්කා සංජීවනී (නොදැවී) ලකුණු 13 බැගින් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...