මාලිංගගේ තවත් IPL වාර්තාවක් බිද වැටෙයි

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පිහිටුවා තිබූ තවත් අයි.පී.එල් වාර්තාවක් බිද වැටී තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියේ දී එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස ඔහු විසින් පිහිටුවා තිබූ වාර්තාවයි මෙලෙස බිද වැටී ඇත්තේ.

ලසිත් මාලිංග විසින් සිය අයි.පී.එල් දිවියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පමණක් නියෝජනය කළ අතර, එහිදී තරග 122 කදී ඔහු දවා ගත් කඩුලු ගණන 170 ක්.

එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම අයි.පී.එල් කඩුලු ප්‍රමාණයක් දවා ගනිමින් ඔහු පිහිටුවා තිබූ මෙම වාර්තාව බිද දැමීමට සමත් වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරේන් විසින්.

ඔහු විසින් 2024 අයි.පී.එල් තරගාවලිය යටතේ ඊයේ(21) කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගාවලියේ 36 වැනි තරගයේදීයි අදාළ වාර්තාව බිද දැමීමට සමත් වුණේ.

එම තරගයේ දී කඩුලු දෙකක් දවා ගත් සුනිල් නරේන් මේ වන විට අයි.පී.එල් තරග 169 කදී කඩුලු 172 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම අයි.පී.එල් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් –

  1. 172 – Sunil Narine (KKR)
  2. 170 – Lasith Malinga (MI)
  3. 158 – Jasprit Bumrah (MI)
  4. 150 – Bhuvneshwar Kumar (SRH)
  5. 140 – Dwayne Bravo (CSK)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...