චැප්මන්ගේ 87* නවසීලන්තයට කඩුලු හතක ජයක් ගෙනෙයි

Date:

පාකිස්තානය සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

රාවල්පින්ඩි හී දී පැවැති තරගය ජය ගැනීම සදහා පාකිස්තානයෙන් ලද ලකුණු 179 ක ඉලක්කය හඹා ගිය නවසීලන්තය පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මාර්ක් චැප්මන් පන්දු 42 කින් නොදැවී ලකුණු 87 ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා. හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට් ලකුණු 31ක්, ටිම් රොබින්සන් ලකුණ 28 ක් හා ටිම් සයිෆර්ට් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අබ්බාස් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් ශඩාබ් ඛාන් ලකුණු 41 ක්, බාබර් අසාම් ලකුණු 37 ක් හා සයීම් අයුබ් ලකුණු 32 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...