ලෙනින් යළි පිතිකරණ අංශයේ පෙරමුණට

Date:

නවතම අයි.සී.සී එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි කාන්තා අංශයේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි යළි පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු නායිකා මැග් ලෙනින් සමත් වී තිබෙනවා.

ඒ, නවසීලන්තය සමග නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඇය දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

තරග 3කින් යුත් එම තරගාවලියේ තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ 28 හැවිරිදි ඇය එහිදී ලකුණු 163ක් ලබා ගත්තා.

මැග් ලෙනින් මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානයේ රැදී සිටි අතර, ඇයට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 749ක්.

මෙය ඇය විසින් පිතිකරණ අංශයේ පළමු ස්ථානය හිමි කර ගත් පස් වන අවස්ථාවයි.

මීට පෙර 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී මැග් ලෙනින් අවසන් වරට එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගත්තා.

2014 වසරේ නොවැම්බර් මාසයේ දී පළමු වරට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට සමත් වූ ඇය මේ වන විට දින 902ක් එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ තම නම ඉදිරියේ සටහන් කර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...