පිටිය මැදට සංඥා දුන් මුම්බායි ප්‍රබලයින් දෙදෙනෙකුට වැඩ වරදියි

Date:

මුම්බායි ඉන්දියන්ස් පිතිකරු ටිම් ඩේවිඩ්ට හා පිතිකරණ පුහුණුකරු කයිරන් පොලාඩ්ට අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් දඩ පැනවීමක් සිදු කර තිබෙනවා.

තරග ගාස්තුවෙන් 20% දඩ මුදලක් මෙලෙස ඔවුන්ට නියම කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා මුල්ලන්පූර්හී දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුවයි.

අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් විසින් ඔවුන් දෙදෙනා සිදු කළ වරද අනාවරණය කර නොමැති නමුත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ක්‍රීඩක විවේකාගාරයේ සිට ඔවුන් දෙදෙනා විසින් පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන්ට විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (Review) ඔස්සේ වයිඩ් පන්දුවකට අදාළ තීරණයක් අභියෝගයට ලක් කරන ලෙසට උපදෙස් ලබා දීම හේතුවෙන් මෙම දඩ පැනවීමට සිදු කර ඇති බවයි.

මුම්බායි ඉනිමේ 15 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මෙම සිදුවීම සිදුව තිබූ බව සදහන්.

අර්ෂ්දීප් සිං විසින් යොමු කළ එම පන්දුවාරයේ අවසන් පන්දුවට සූර්යකුමාර් යාදව් මුහුණ දුන් අතර, වයිඩ් පන්දුවක් ලෙස එම පන්දුව විනිසුරු විසින් සංඥා කිරීමක් සිදු කළේ නැහැ.

අනතුරුව සූර්යකුමාර් විසින් ක්ෂණිකවම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම තීරණය අභියෝගයට ලක් නොකළ නමුත්, සුළු වේලාවකට පසු එම තීරණය අභියෝගයට ලක් කළා.

පසුව තෙවන විනිසුරු විසින් තීරණය කළේ එම පන්දුව වයිඩ් පන්දුවක් ලෙසයි.

තරගයෙන් අනතුරුව පුනරූපන නිරීක්ෂණය කිරීමෙන් පසුව තරගාවලියේ සංවිධායකයින් විසින් තීරණය කර ඇත්තේ සූර්යකුමාර් විසින් එම විනිසුරු තීරණය අභියෝගයට ලක් කළේ ක්‍රීඩාගාරයේ සිට ලද උපදෙස් අනුව බවයි.

ක්‍රිකට් නීති ප්‍රකාරව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ තීරණයක් අභියෝගයට ලක් කිරීමට ක්‍රීඩකයින්ට අවස්ථාව පවතින්නේ ක්‍රීඩාගාරයේ සිටින ක්‍රීඩකයින්ගේ හෝ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ උපදෙස් ලබා ගැනීමකින් තොරවයි.

ඒ අනුව මෙම අවස්ථාවේ දී මුම්බායි කණ්ඩායම නීති කඩ කිරීමක් සිදු කර ඇති බැවින් අදාළ දඩුවම තරග තීරකවරයා විසින් පනවා තිබෙනවා.

එම වරද හා ලබා දුන් දඩුවම ටිම් ඩේවිඩ් හා කයිරන් පොලාඩ් විසින් පිළිගෙන ඇති බව ද සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...