රාහුල්-ඩී කොක් ප්‍රහාරය චෙන්නායි පරදා ලක්නව් පිලට ජය ගෙනෙයි

Date:

කේ එල් රාහුල්ගේ හා ක්වෙන්ටන් ඩී කොක්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද (19) සමත් වුණා.

ලක්නව් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් පිල පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 15 ක් තුළ ලකුණු 134 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක කේ.එල් රාහුල් හා ක්වෙන්ටන් ඩී කොක් සමත් වුණා. ඩී කොක් පන්දු 43 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රාහුල් පන්දු 53 කින් ලකුණු 82 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 9ක් සමගින්. නිකලස් පූරාන් නොදැවී ලකුණු 23(12) යි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් හා මතීෂ පතිරණ කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 57(40) ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 5 ක් සමගින්. අජින්කෙයා රහානේ ලකුණු 36 ක් හා මොයීන් අලී ලකුණු 30 ක් ලබා ගත්තා.

ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන් මහේන්ද්‍ර සිං දෝනි පන්දු 9 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28 ක්. හයේ පහර දෙකක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී කෘනාල් පාන්ඩ්යා ලකුණු 16 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...