අෂුතෝෂ්ගේ සුපිරි සටන අපතේ යයි – සූර්යකුමාර්, බුම්රා හා කොට්සීගේ දක්ෂතා MI පිලට ජය ගෙනෙයි

Date:

අෂුතෝෂ් ෂර්මාගේ සටන්කාමී ඉනිම අපතේ යවමින් සූර්යකුමාර් යාදව්ගේ අර්ධ ශතකය හා ජස්ප්‍රිට් බුම්රා මෙන්ම ජෙරාල්ඩ් කෝට්සී ‌ප්‍රදර්ශනය කළ දක්ෂතා හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දින්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

මුල්ලන්පූර් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 192 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පංජාබ් ක්‍රීඩකයින්ට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණයි.

පංජාබ් ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 14 දී දැවී ගියේ පන්දුවාර 2.1 ක් තුළයි. මුල්පෙල පිතිකරුවන් අසාර්ථක වුවද ශශාන්ක් සිං හා අෂුතෝෂ් ෂර්මා සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුණා.

ශශාන්ක් පන්දු 25 කින් ලකුණු 41 ක් රැස් කළා. අෂුතෝෂ් පන්දු 28 කින් වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තේ හයේ පහර 7ක් හා හතරේ පහර 2 ක් සමගින්‍.

අවසන් පන්දු 24 තුළ දී පංජාබ් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 28 ක් පමණක් අවශ්‍ය වූ නමුත්, ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස අෂුතෝෂ් 18 වැනි පන්දුවාරයේ දී දැවී යාමත් සමග තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු පංජාබ් පිලෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජෙරාල්ඩ් කොට්සී ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් පන්දු 53 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්.

රෝහිත් ෂර්මා ලකුණු 36 ක් හා තිලක් වර්මා නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සෑම් කරන් කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...