IPL 2024 අදියරේ මෙතෙක් වැඩිම කඩුලුලාභීන් 10 දෙනා

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 29 ක් මේ වන විට අවසන්ව තිබෙනවා.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටින්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ විරාත් කෝලි. ඔහු ඉනිම හයකදී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 319 ක්.

වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණ රාජස්ථාන් රෝයල්ස් දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල්ට හිමිව තිබෙනවා. ඔහු ඉනිම හයකදී කඩුලු 11 ක් දවා ගෙන සිටිනවා.

ඊයේ දිනයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4 ක් දවා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මේ වන විට වැඩිම කඩුලුලාභින් අතර පළමු 10 දෙනා අතරට පිවිස සිටීම ද විශේෂත්වයක්.

ඔහු තරග තුනක් පමණක් ක්‍රීඩා කර බිද හෙලා ඇති කඩුලු ගණණ 8ක්.

2024 ​IPL තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලුලාභින් 10 දෙනා –

  1. යුස්වේන්ද්‍ර චෙහල් (RR) – තරග හයකදී කඩුලු 11
  2. ජස්ප්‍රිට් බුම්රා (MI) – තරග හයකදී කඩුලු 10
  3. මුස්ටර්ෆිසුර් රහ්මාන් (CSK) – තරග පහකදී කඩුලු 10
  4. කාගිසෝ රබාඩා (PBKS) – තරග හයකදී කඩුලු 9
  5. කලීල් අහ්මඩ් (DC) – තරග හයකදී කඩුලු 9
  6. අර්ෂ්දීප් සිං (PBKS) – තරග හයකදී කඩුලු 9
  7. ජෙරාල්ඩ් කොට්සී (MI) – තරග හයකදී කඩුලු 9
  8. මතීෂ පතිරණ (CSK) – තරග තුනකදී කඩුලු 8
  9. සෑම් කරන් (PBKS) – තරග හයකදී කඩුලු 8
  10. මෝහිට් ෂර්මා (GT) – තරග හයකදී කඩුලු 8

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...