Watch : 6, 6, 6 – පළමු පන්දු තුන‍ට දෝනි ගහපු හයේ පහර 3 මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අවශ්‍ය වූ වේගවත් අවසානය ලබා දීමට හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අද(14) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්.

හර්ඩික් පාන්ඩ්යා යොමු කළ චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිටියට පිවිසි දෝනි පන්දු 4 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 20 ක්.

ඔහු මුහුණ දුන් පළමු පන්දු තුනටම හයේ පහර 3ක් එල්ල කිරීමට දෝනි සමත් වීම ද කැපී පෙනුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...