ධවාන්ට සතියක් ​IPL අහිමි වෙයි – මාෂ් යළි ඔස්ට්‍රේලියාව බලා පිටව යයි

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ශිකර් ධවාන්ට අවම වශයෙන් සතියක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන බව පංජාබ් කණ්ඩායමේ පුහුණුකරු සංජේ බංගර් පවසනවා.

ඒ, ඔහුගේ උරහිසක හටගෙන ඇති ආබාධයක් හේතුවෙන්. මෙම ආබාධය නිසා ඔහුට ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ද අහිමි වුණා.

ධවාන්ට අවම වශයෙන් සතියක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වුවහොත් ඔහුට එළඹෙන 18 වැනිදා පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහි තරගය හා එළඹෙන 21 වැනිදා පැවැත්වෙන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගය අහිමි වනු ඇති.

ධවාන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා නොකළ බැවින් ඔහු වෙනුවට කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කළේ සෑම් කරන්.

මේ අතර, දිල්ලි කැපිටල්ස් තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු පාදයේ හට ගෙන ඇති ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහායි.

මිචෙල් මාෂ් අවසන් වරට මෙවර අයි.පී.එල් තරගාවලියේ දී තරගයක් ක්‍රීඩා කර ඇත්තේ අප්‍රේල් 3 වැනිදායි. ඔහු මෙවර තරග වාරයෙන්ම ඉවත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...