ස්ටක්ගේ හා සෝල්ට්ගේ දක්ෂතා නයිට් රයිඩර්ස් පිලට පහසු ජයක් ගෙනෙයි

Date:

මිචෙල් ස්ටක්ගේ අනර්ඝ පන්දු යැවීම හා පිල් සොල්ට්ගේ නොදැවුණු ලකුණු 89 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

කොල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 15.4 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු පිල් සොල්ට් නොදැවී ලකුණු 89 ක් රැස් කළේ පන්දු 47 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 14 ක් ඔහු‍ගේ ඉනිමට ඇතුළත්. නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 38යි.

පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන් ලකුණු 29 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරාන් පන්දු 32 කින් ලකුණු 45 ක් රැස් කළ අතර, කේ එල් රාහුල් ලකුණු 39 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...