Watch : කුල්දීප්ගේ සුපිරි පන්දුවක් හමුවේ පළමු පන්දුවෙන්ම පූරාන් දැවී ගිය හැටි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේ දී අනර්ඝ පන්දුවක් යොමු කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු නිකලස් පූරාන්ගේ කඩුල්ල දවා ගැනීමට දිල්ලි කැපිටල්ස් දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් අද(12) සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර් ජයන්ට්ස් පිල පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ලක්නව් ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි පූරාන් දැවී ගියේ. ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කුල්දීප්ගේ සුපිරි පන්දුවක් හමුවේ පූරාන් දැවී යාම විශේෂත්වයක්.

කුල්දීප් යාදව් එම පන්දුවට පෙර යොමු කළ පන්දුවේ දී ද මර්කස් ස්ටොයිනිස් දැවී ගිය අතර, ඔහු ලබා සිටියේ ලකුණු 8 ක් පමණයි.

පූරාන්ගේ කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...