කුල්දීප්ගේ කඩුලු 3 හා මැක්ගර්ක් මංගල තරගයේ දී වාර්තා කළ 55 දිල්ලියට ජය ගෙනෙයි

Date:

කුල්දීප් යාදව්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා සිය මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ Jake Fraser-McGurk වාර්තා අර්ධ ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටලස් කණ්ඩායම අද(12) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිය මංගල අයි.පී.එල් ලකුණ හයේ පහරකින් වාර්තා කළ Jake Fraser-McGurk පන්දු 35 කින් ලකුණු 55 ක් රැස් කළේ හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් සමගින්. (දර්ශන පහතින්)

නායක රිෂාබ් පාන්ට් ලකුණු 41(24) ක් හා ප්‍රිත්වි ෂෝ ලකුණු 32(22) ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 25 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ 7 වැනි කඩුල්ල ලකුණු 94 දී දැවී ගිය පසුබිමක අයුෂ් බදෝනි පන්දු 35 කින් නොදැවී ලකුණු 55 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක කරා රැගෙන යාමට සමත් වුණා.

ඔහු හා අර්ෂාද් ඛාන් 8 වැනි කඩුල්ල සදහා ලකුණු 73 (42) ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. අර්ෂාද් නොදැවී ලකුණු 20 යි. නායක කේ එල් රාහුල් ලකුණු 39 ක් රැස් කරමින් ලක්නව් මුල්පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් ලකුණු 20 කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...