Watch : පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් ආ පන්දුවට ක්ලාසන් කළ සුපිරි ස්ටම්ප් කිරීම

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේ දී විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් සිදු කරමින් පංජාබ් කිංග්ස් නායක ශිකර් ධවාන්ගේ කඩුල්ල දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක හෙන්රික් ක්ලාසන් අද(9) සමත් වුණා.

බුවනේෂ්වර් කුමාර් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල ආසන්නයේ කඩුලු රකිමින් සිටි ක්ලාසන් විසින් මෙම ස්ටප්ම් කිරීම සිදු කළේ ශිකර් ධවාන් ඉදිරියට පැන එල්ල කළ අසාර්ථක පහරකින් පසුවයි.

එහිදී අදාළ පන්දුව පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් පිතිකරුවා වෙත ඇදී ආ අතර, පිතිකරු එල්ල කළ පහර අසාර්ථක වීමත් සමග වේගයෙන් කඩුලු රකින්නා අතට ඇදී ආ පන්දුව දක්ෂ ලෙස රැක ගනිමින් ක්ෂණයකින් කඩුල්ල බිද දැමීමට හෙන්රික් ක්ලාසන් සමත් වුණා.

මුල්ලන්පූර් හී දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 182 ක් රැස් කළා.

පංජාබ් කිංග්ස් පිළිතුරු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි ශිකර් ධවාන් ලකුණු 14 කට දැවී ගියේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...