බෘෘක් වෙනුවට දිල්ලියට ආදේශක ක්‍රීඩකයෙක් – මිචෙල් මාෂ්ටත් ආබාධයක්

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ලිසාද් විලියම්ස් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, සිය මිත්තණියගේ අභාවය හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ එංගලන්ත පිතිකරු හැරී බෘෘක් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් යටතේ ලිසාද් විලියම්ස් දිල්ලි කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

මීට පෙර ලිසාද් කිසිදු අයි.පී.එල් තරග වාරයක් සදහා එක් වී නොමැති අතර, ඒ අනුව මෙය ඔහු ක්‍රීඩා කරන පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වනු ඇති.

මේ අතර, කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් පාදයක ආබාධයකට ලක්ව තිබෙනවා.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට අවම වශයෙන් සතියක පමණ කාලයක් අයි.පී.එල් පිටියෙන් ඉවත් වීමට සිදු වනවා.

ඉදිරි වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසුව ඔහුට තවදුරටත් තරගාවලියේ රැදී සිටිය හැකි දැයි තීරණය කරනු ඇති.

අයි.පී.එල් තරගාවලිය මැයි 26 වැනිදා අවසන් වීමෙන් දින පහකට පමණ පසුව විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ද ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතව සිටින්නේ ද මිචෙල් මාෂ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...