LPL 2024 තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(8) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය ජූලි පළමු වැනිදා සිට ජූලි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ පසුගියවර ශූරතාවය දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම හා අනුශූරතාවය දිනූ දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි.

කෙසේ වෙතත්, තරග කාලසටහන සම්බන්ධයෙන් මෙවර ද ගැටලු සහගත කරුණු කිහිපයක්ම මතුව තිබෙනවා. 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී ජූනි 29 වැනිදා නිමා වීමට නියමිතව ඇති පසුබිමකයි LPL තරගාවලිය ඊට දින දෙකකට පසු මෙලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි උපකල්පනය කළහොත්, ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණ LPL තරගාවලියට සූදානම් වීම සදහා ඉතිරිව ඇත්තේ ජූනි 30 වැනිදා පමණයි. කොදෙව් දූපත් සිට මෙරටට පැමිණීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් එය කිසිසේත් ප්‍රායෝගික තත්ත්වයක් නොවන බව නොරහසක්.

මේ අතර, LPL තරග කාලසටහනට අනුව ජූලි 14, 15 හා 16 යන දින තුනේ දී අඛණ්ඩව තරග වැදීමට දඹුල්ල හා කොළඹ කණ්ඩායම්වලට සිදුව තිබීම ද විශේෂත්වයක්.

පසුගිය තරගාවලියේ දී ද ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් විවේකයක් ලැබෙන පරිදි තරග කාලටසහන සකස් කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වූ පසුබිමකයි මෙවර තරගාවලියේ කාලසටහන ද මෙලෙස සකස් කර ඇත්තේ.

විවේකය අවම වීම හේතුවෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම LPL තරගාවලියේ දී ආබාධවලට ලක් වූ අතර, වනිදු හසරංගට 2023 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමට ද එය බලපෑවා.

LPL තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සදහා යොදා ගන්නා ක්‍රීඩාංගන සංඛ්‍යාව 3 ක්.

ඒ අනුව පළමු තරග පහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊළග තරග 9 පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. දඹුල්ලේ දී LPL තරග පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ජූලි 13 වැනිදා සිට පැවැත්වෙන මූලික වටයේ අවසන් තරග 6 පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංනයේ දී යි.

අවසන් වටයේ තරග කොළඹ දී ජූලි 18 වැනිදා ආරම්භ වන අතර, පළමු තරග දෙක හෙවත් Qualifier 1 (1 vs 2) හා Eliminator (3 vs 4) තරග එදින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම හා දෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අතර පැවැත්වෙන Qualifier 2 තරගය පැවැත්වෙන්නේ ජූලි 20 වැනිදායි.

අවසන් වටයේ තෙවැනි තරගය ජූලි 20 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අවසන් මහා තරගය ඊට පසුදිනම, එනම් ජූලි 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජූලි 22 වැනිදා අවසන් තරගය වෙනුවෙන් අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග කාලසටහන –

© SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...