පාකිස්තානයේ පුහුණු කදවුරට ගිය උස්මාන් ඛාන්ට වසර පහක තරග තහනමක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෙකු වන උස්මාන් ඛාන්ට වසර පහක තරග තහනමක් පැනවීමට එමිරේට්ස් ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම තහනමට අනුව ඔහුට 2029 වසර දක්වා එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සංවිධාන කරන කිසිදු තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට ද අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඒ අනුව ILT20 හා Abu Dhabi T10 තරගාවලි සදහා ද උස්මාන් ඛාන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වනවා.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සමග ඇති බැදීම් ඔහු විසින් උල්ලංඝනය කර ඇති බැවින් මෙම තහනම පනවා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පාකිස්තානයේ උපත ලද ක්‍රීඩකයෙකු වන උස්මාන් ඛාන් මෙතෙක් එමීර් රාජ්‍ය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කර නැහැ.

නිමා වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද පත් වුණා. PSL තරගාවලියට පෙර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ILT20 හා අබුඩාබි T10 තරගාවලි සදහා දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් 29 දෙනෙකු පසුගිය 26 වැනිදා සිට පාකිස්තානයේ ‘කකුල්’ (Kakul) ප්‍රදේශයේ දී පාකිස්තාන යුද්ධ හමුදාව යටතේ පුහුණු කදවුරකට එක්ව සිටින අතර, එම පුහුණු කදවුර සදහා පාකිස්තාන ක්‍රීඩකයින් සමග උස්මාන් ඛාන් ද එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව ඔහු එමීර් රාජ්‍ය වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙකලා පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවටයි ඉගි පලව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...