Watch : මහීෂ් තීක්ෂණට ට්‍රැවිස් හෙඩ් ගොදුරු වූ හැටි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තමන් බිද හෙලූ පළමු කඩුල්ල දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(5) සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග හයිදරාබාද්හී දී ආරම්භ වූ තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

හයිදරාබාද් පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා.

හෙඩ් පන්දු 24 කින් ලකුණු 31 ක් ලබා සිටියදීයි රචින් රවීන්ද්‍ර අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ.

මෙම තරගයේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 27 කට කඩුල්ලක් දවා ගත්තා.

තීක්ෂණ දවා ගත් කඩුල්ලෙහි දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...