2024 IPL සැණකෙළියට සූර්යකුමාර් සූදානම්

Date:

ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් හෙට(5) දිනයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි බවට මේ වන විට දැනුම් දී ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ලොව අංක එකේ විස්සයි 20 පිතිකරු වන සූර්යකුමාර් අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ දී යි.

එනම්, දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි විස්සයි 20 තරගයේ දී යි. එම තරගයේ දී ඔහු ශතකයක් ද වාර්තා කළ නමුත්, එම තරගාවලියේ දී ඔහුගේ වළලුකර ප්‍රදේශයක ආබාධයක් සිදු වුණා.

එම ආබාධය හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා. එමෙන්ම පසුව සූර්යකුමාර් හර්නියා රෝගය සඳහා ද ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර, එම නිසා ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලිය සදහා මෙතෙක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...