17 වැනි තරගයේ කාසියේ වාසිය පංජාබ් පිලට – රාසා හා කේන් කණ්ඩායම්වලට කැදවයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.

තරගය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම එක් වෙනස්කම බැගින් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයක් හේතුවෙන් ලියම් ලිවින්ග්ස්ටන් මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට සිකන්ඩ රාසා කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ටයිටන්ස් කණ්ඩායම සදහා ද ආබාධයක් හේතුවෙන් ඩේවිඩ් මිලර් ක්‍රීඩා කරන්නේ නැහැ. ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත්තේ කේන් විලියම්සන්.

කණ්ඩායම් දෙක –

Punjab Kings XI:

S.Dhawan(c), J.Bairstow, J.Sharma(wk), P.Singh, S.Curran, S.Singh, S.Raza, H.Brar, H.Patel, K.Rabada, A.Singh

Gujarat Titans XI:

W.Saha(wk), S.Gill(c), S.Sudharsan, K.Williamson, V.Shankar, A.Omarzai, R.Tewatia, R.Khan, N.Ahmed, U.Yadav, D.Nalkande

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...