කමිදු මෙන්ඩිස් ICC සම්මානයකට නිර්දේශ කෙරේ

Date:

2024 මාර්තු මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය කළා.

නිර්දේශිත නම් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඔහුට අමතරව අයර්ලන්තයේ මාර්ක් අඩයර් හා නවසීලන්තයේ මැට් හෙන්රි ද නිර්දේශිත නම් අතරට ඇතුළත්.

මාර්තු මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ දී ලකුණු 68 ක් වාර්තා කළ කමිදු, ටෙස්ට් තරගාවලියේ දී ශතක දෙකක් හා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

පළමු ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 92 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...