ශ්‍රී ලංකාව පරදා තුන්කොන් තරගාවලියේ ශූරතාවය එංගලන්ත යොවුන් කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකාවේ පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම බදාදා සමත් වුණා.

ඒ, තරගාවලිය යටතේ පැවැති 6 වැනි හා අවසන් තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 126 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 14.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එංගලන්තය මෙම තරගාවලියේ දී තරග 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත්තා.

ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගත් අතර, ඔස්ට්‍රේලියාව ජය ගත්තේ එක් තරගයක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...