Watch : ඓතිහාසික තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට හිමි කර දුන් චමරිගේ සුපිරි ඉනිම

Date:

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කිරීම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙහෙයවීමට බදාදා රාත්‍රියේ දී චමරි අතපත්තු සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකා තරග සංචාරය යටතේ පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

ඒ අනුව දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි. මෙය දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලැබූ ඉතිහාසයේ පළමු ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහනය වීම විශේෂත්වයක්.

අවසන් විස්සයි 20 තරගය East London හි Buffalo Park ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි 20 තරගයක් ජය ගැනීම සදහා සාර්ථක ලෙස හඹා ගිය ඉහළම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී බිද වැටීමෙන් පසුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 97 (69)ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට චමරි අතපත්තු සමග පිටියේ එක් වූ හර්ෂිතා සමරවික්‍රම සමත් වුණා.

චමරි පන්දු 46 කින් වේගවත් ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර පහක් හා හතරේ පහර 7ක් සමගින්. (චමරි එල්ල කළ හයේ පහරවල් හා චමරිගේ සම්පූර්ණ ඉනිම ඇතුළත් දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...