මුස්ටර්ෆිසුර් රහ්මාන් යළි බංග්ලාදේශය බලා පිටව යයි – තීක්ෂණට යළි අවස්ථාවක් ?

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන් යළි බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, ජූනි මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අවශ්‍ය වීසා ලබා ගැනීමේ කටයුතු වෙනුවෙන්.

ඒ හේතුවෙන් ඔහුට එළඹෙන සිකුරාදා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව චෙන්නායි කණ්ඩායම ක්‍රීඩා කරන මීළග අයි.පී.එල් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි පළමු වැනිදා, එනම් අයි.පී.එල් තරගාවලිය නිමා වී (මැයි 26) සතියකටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේ මුස්ටර්ෆිසුර් රහ්මාන්. ඔහු තරග තුනකදී කඩුලු 7ක් දවා ගෙන තිබෙනවා.

ඔහුට සිකුරාදා තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඇතැම් විට විදෙස් ක්‍රීඩකයෙකු ලෙස මහීෂ් තීක්ෂණ යළි කණ්ඩායමට කැදවීමට චෙන්නායි කණ්ඩායම අවධානය යොමු කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තීක්ෂණ මෙවර තරගාවලියේ පළමු තරගය සදහා පමණක් චෙන්නායි පිල වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, එම තරගයේ දී ඔහුට කිසිදු කඩුල්ලක් බිද හෙලීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...