ඩී කොක්ගේ, පූරාන්ගේ ප්‍රහාරය හා මයාන්ගේ සුපිරි වේගය හමුවේ ලක්නව් පිලට ලකුණු 28ක ජයක්

Date:

ක්වෙන්ටන් ඩී කොක්ගේ හා නිකලස් පූරාන්ගේ වේගවත් පිතිහරඹය හා මයාන්ක් යාදව්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

බැංගලූරු හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් පිලට ලබා දුන් අතර, ඒ අනුව සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153 ක් පමණයි.

මහිපාල් ලොම්රෝර් ලකුණු 33 ක් හා රාජත් පටිදර් ලකුණු 29 ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් වූ විරාත් කෝලි ලකුණු 22 ක් හා ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 19 ක් ලබා සිටියදී දැවී ගියා.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු නොලබා දැවී ගිය අතර, කැමරන් ග්‍රීන් රැස් කළේ ලකුණු 9ක් පමණයි.

පන්දු යැවීමේ දී මයාන්ක් යාදව් ලකුණු 14 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Watch : සුපිරි වේගයකින් පන්දු යවමින් ග්‍රීන් අන්ත අසරණ කළ මයාන්ක්

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් ඉනිම ආරම්භ කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 56 කින් ලකුණු 81 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 8ක් සමගින්.

ඉනිමට විශිෂ්ඨ අවසානයක් හිමි කර දුන් නිකලස් පූරාන් පන්දු 21 කින් නොදැවී ලකුණු 40 ක් රැස් කළේ හයේ පහර 5ක් හා හතරේ පහරක් සමගින්.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 24 ක් හා කේ එල් රාහුල් ලකුණු 20 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 23 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...