Watch : සුපිරි වේගයකින් පන්දු යවමින් ග්‍රීන් අන්ත අසරණ කළ මයාන්ක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මයාන්ක් යාදව් අද(2) සමත් වුණා.

ඒ, අයි.පී.එල් තරගාවලියේ 15 වැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට එරෙහිවයි.

බැංගලූරු හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ RCB කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් පිලට ලබා දුන් අතර, ඒ අනුව සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181 ක්.

බැංගලූරු පිළිතුරු ඉනිමේ දී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ මයාන්ක් යාදව් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 14 කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුණා. ඒ, නිලකුණු පන්දු 17 ක් ද සමගින්.

ඔහුගේ සුපිරි වේගවත් පන්දු හමුවේ දැවී ගියේ ග්ලේන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන් හා රාජත් පටිදර් යන පිතිකරුවන්. (ග්‍රීන්ගේ කඩුල්ල පහතින් නරඹන්න)

ඔහු මෙම තරගයේ දී යොමු කළ එක් පන්දුවක් පැයට කිලෝ මීටර් 156.7 ක වේගයෙන් යොමු කළ අතර, එය මෙවර තරගාවලියේ දී පන්දු යවන්නෙකු මෙතෙක් යොමු කළ වේගවත්ම පන්දුව වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...