ආරක්ෂක ගැටලුවක් මත ​IPL තරග කාලසටහනට සංශෝදනයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනට සුළු සං‍ශා්දනයක් සිදු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අප්‍රේල් 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය අප්‍රේල් 16 වැනිදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගය නියමිත පරිදි කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මීට පෙර අප්‍රේල් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගයයි.

එම තරගය නව තරග කාලසටහනට අනුව අප්‍රේල් 17 වැනිදා දක්වා එක් දිනකින් ප්‍රමාද කර තිබෙනවා. තරගය මීට පෙර සැලසුම් කළ පරිදිම අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 17 වැනිදා හින්දු උත්සවයක් පැවැත්වෙන බැවින් එදින පැවැත්වීමට නියමිත තරගය සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට නොහැකි වන බවට කොල්කටා පොලීසිය විසින් සිදු කළ දැනුම් දීමකින් අනතුරුවයි මෙලෙස තරග කාලසටහනට සංශෝදනයක් සිදු කිරීමට කටයුතු කර ඇත්තේ.

අප්‍රේල් 19 වැනිදා ඉන්දීය මහමැතිවරණයට අදාළව බෙන්ගාලයේ ඡන්ද විමසීමේ කටයුතු ද ආරම්භ වන අතර, ඒ සදහා ද ආරක්ෂක නිළධාරීන් යොමු කිරීමට පොලීසියට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...