ශ්‍රී ලංකාව ජයග්‍රහනයට තවත් කඩුලු 3 ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(2) නිමා වුණේ තරගයේ පරාජය අභියසටම බංග්ලාදේශය ඇද දමමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268 ක්.

නොදැවී පන්දුවට පහර දෙන මෙහිදි හසාන් ලකුණු 44 ක් හා තයිජුල් ඉස්ලාම් ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 243 ක් ලබා ගත යුතුයි.

ආරම්භක පිතිකරුවන් වූ මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 24 කටත්, සාකීර් හසාන් ලකුණු 19 කටත් දැවී ගියා. නායක නජ්මුල් හොසේන් ශන්තෝ රැස් කළේ ලකුණු 20 ක් පමණයි. මොමිනුල් හක් ලකුණු 50 ක් රැස් කළා.

සිව්වැනි කඩුල්ල ලෙස මොමිනුල් දැවී යාමෙන් පසුව 5 වැනි කඩුල්ල සදහා ශකිබ් අල් හසාන් හා ලිටොන් දාස් ලකුණු 61 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, එම සම්බන්ධතාවය බිද දැමීමට සමත් වුණේ කමිදු මෙන්ඩිස්. ඒ, ශකිබ් අල් හසාන් ලකුණු 36 ක් ලබා සිටියදී දවා ගනිමින්. ලිටොන් දාස් ලකුණු 38 යි. ශහඩාට් හොසේන් ලකුණු 15 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය හා කමිදු මෙන්ඩිස් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 102 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 56 ක් ලබා ගත්තා. නිශාන් මදුෂ්ක ලකුණු 34 ක් ද, ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 28 ක් ද රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

චිතගොං හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 531 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස බංග්ලාදේශය රැස් කළ ලකුණු සංඛ්‍යාව 178 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...