තවත් තරගාවලියක් කල් යයි

Date:

ක්‍රීඩකයින්ගේ දක්ෂතා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් එළඹෙන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, රට තුළ යළිත් ඇතිව තිබෙන කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය සදහා සෑම කණ්ඩායමක් වෙනුවෙන්ම ජාතික සංචිතයේ සිට පළමු පෙළ ක්‍රිකට් තරග නියෝජනය කරමින් දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියා.

දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානක විසින් කණ්ඩායම් හතරේ නායකත්වය දැරීමට නියමිතව තිබූ අතර, මෙම කණ්ඩායම් සියල්ලෙහි සංචිත සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකු බැගින් ඇතුළත් කර තිබුණා.

තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 2 අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමටයි නියමිත වුණේ.

තරගාවලි ව්‍යුහයේ ඇති තවත් විශේෂත්වයක් බවට පත්වූයේ තෙවැනි ස්ථානය තේරීම සඳහා ද තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබීමයි.

“කොවිඩ් 19 වසංගතයත් සමඟ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නියැළීමේ අවශ්‍යතාවය තදින්ම දැනිලා තිබුණා. ඒ පිළිබඳව වූ අවශ්‍යතාවය වැටහී යෑම නිසා තමයි අපි මේ වගේ තරගකාරීත්වයකින් යුතු තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළේ. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක යළිත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන තෙක් මෙම තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා”

යනුවෙන් මෙම තරගාවලිය සංවිධාන කිරීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළා.

කණ්ඩායම් සංචිත –

SLC

(Source – SLC)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...