පාකිස්තාන කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

Date:

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ තේරීම් කමිටුවේ නිර්දේශ මත පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi විසින්  ඔහුව මෙලෙස සුදු පන්දු කණ්ඩායමේ (එක්දින හා විස්සයි 20) නායකයා ලෙස පත් කළ බවයි.

ඒ අනුව එක් විස්සයි 20 තරගාවලියකදී පමණක් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ශහීන් ශාහ් අෆ්රිඩිට ඔහුගේ නායකත්ව ධූරය අහිමි වී තිබෙනවා.

මෙම නව පත් කිරීමෙන් පසුව බාබර් අසාම්ගේ නායකත්වය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ ලබන මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියයි.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමත් සමග පසුගිය නොවැම්බර් මාසයේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් (තරග රටා තුනේම) ඉවත් වීමට බාබර් අසාම් තීරණය කළා.

අනතුරුව විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශහීන් ශාහ් අෆ්රිඩි ද, ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ශාන් මසූඩ් ද පත් කෙරුණා. එක්දින කණ්ඩායම සදහා කිසිදු නායකයෙකු ස්ථීර ලෙස පත් කෙරුණේ නැහැ.

බාබර් අසාම්ගේ ඉවත් වීමෙන් පසුව අෆ්රිඩි නවසීලන්තයට එරෙහි තරග 5කින් යුත් විස්සයි 20 තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වූ නමුත්, එම තරගාවලියෙන් පාකිස්තානය තරග 4-1 ක් ලෙස පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...